හුදෙකලාවෙන් නිදහස් කළ මහල් නිවාස සංකීර්ණ 6 මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

හුදෙකලාවෙන් නිදහස් කළ මහල් නිවාස සංකීර්ණ 6 මෙන්න


මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක හුදෙකලාභාවය මේ මොහොතේ සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මට්ටක්කුලිය – රන්දිය උයන, මෝදර – මෙත්සඳ සෙවන සහ මිහිජය සෙවන යන නිවාස සංකීර්ණ මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙනු ඇති.

එමෙන්ම ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන සහ සමගිපුර මෙන්ම දෙමටගොඩ මිහිදුසෙත්පුර නිවාස සංකීර්ණ ද හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad