කොරෝනාවෙන් මිය ගිය රට විරුවන් 70 වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්ය්‍යාංශය තවමත් වන්දි ගෙවා නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 4, 2020

කොරෝනාවෙන් මිය ගිය රට විරුවන් 70 වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්ය්‍යාංශය තවමත් වන්දි ගෙවා නෑ !

මැදපෙරදිග රටවල සේවය සදහා ගිය ශ‍්‍රී ලාංකිකයන් 70 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී එම රටවල දී මියගොස් ඇතත්, ඔවුන් වෙනුවෙන් ලබා දිය යුතු වන්දි මුදල් ලබා දීමට, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්ය්‍යාංශය මෙතෙක් කටයුතු කර නැති බව වාර්තා වේ.

මිය ගිය එක් අයෙකු වෙනුවෙන් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලක්ෂ පහක වන්දියක් ලබා දිය යුතුව තිබේ.

ඊට අමතරව, මිය ගිය ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන් වෙනුවෙන්, ආගමික කටයුතු ඉටු කිරීම සදහා, ලංකාවේ වෙසෙන ඔවුන්ගේ පවුල්වලට රුපියල් 40000 ක ප‍්‍රදානය කරන බව පවසා තිබුනද, එයද මෙතෙක් කිසිවකුලට ලබා දී නැති බව පැවසේ.

-headlinenews


No comments:

Post a Comment

Post Bottom Ad