සීනි ආනයනයේදී පනවා තිබූ රුපියල් 50 බද්ද සත 25 දක්වා අඩු කිරීම මත විල්මා ආයතනය අති විශාල අමතර ආදායමක් ලබන බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට එක්වෙමින් පෙන්වා දෙන ලදී.
එම සමාගම සත 25 බද්දට ගෙනා මෙට්‍රික් ටොන් 73,000 කින් මෙම අතිරේක ලාභය ලබන බවද පෙන්වා දෙන දිසානායක මහතා ආණ්ඩුව රුපියල් 50ට තිබූ බද්ද සත 25 ට අඩු කර ගැනීම හරහා රුපියල් කෝටි 450ක බදු ආදායමක් අහිමි කර ගෙන තිබෙන බවද පෙන්වා දෙයි.
ආණ්ඩුව බදු ආදායමක් අහිමි කර ගනිමින් එම සහනය ලබා දුන්නේ එහි ප්‍රතිලාභය ජනතාවට ලබා දීමේ අරමුණින් වුවද ආණ්ඩුව නියම කළ රුපියල් 85ට සීනි වෙළඳපොලේ නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම බදු සහනයෙන් සිදු වූයේ ආණ්ඩුවට බදු මුදලත් අහිමි වීම මෙන්ම පාරිභෝගිකයාට සහනයක් නොලැබීම බව ද අවධාරණය කරයි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 6 හමාරක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඔක්තෝබර් 13 වන දින ලබාදුන් සත 25 බදු සහනය මත ගෙවුණ මාස දෙක තුළ පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් මෙරටට ආනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද ඉන් එම සමාගම් අධික ලාභයක් ඉපයීමට සූදානමින් සිටින බවද සඳහන් කරයි.
වියත්මගට රැස්වීම් පැවැත්වීම සඳහා ෂැංගිලා හෝටලය ඉතා ලාභයට ලබා දුන් සජාත් වවුසිත් වැනි පුද්ගලයන් සතුටු කිරීමට ආණ්ඩුව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවට මන්ත්‍රීවරයා හෙළිදරව් කරයි.


No comments:
Post a Comment