බි‍්‍රතාන්‍යයේ සිට පැමිණ දෙදෙනෙකුට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 29, 2020

බි‍්‍රතාන්‍යයේ සිට පැමිණ දෙදෙනෙකුට කොරෝනා


එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේ පසුගිය 22 වනදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි ගුවන් යානයේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ආසාදිත ලෙද හදුනාගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍ය පුරා මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයදැයි හඳුනා ගැනීමට පරීක්‍ෂණ කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.

එම ආසාදිතයන් දෙදෙනාගේ ජීව සාම්පල මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad