පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 29, 2020

පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දමයි

ළාත් සභා මැතිවරණය පැවැත්වීම දින නියමයක් නැතිව කල් දැමීමට තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ ඊයේ දින පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ බව තීරණය කළ බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ මෙම රැස්වීම පැවැත්විණි.

මහා සංඝරත්නය හා සහෝදර පක්‍ෂ විසින් ඉදිරිපත් කරන විරෝධතා ද සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වූයේ ද පළාත් සභා මැතිවරණය මෙම අවස්ථාවේ පැවැත්වීම උචිත නොවන බව යැයිද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad