මුස්ලිම් කොරෝනා මරණ භූමදානයට භූමියක් තෝරාගන්නැයි අගමැතිගෙන් උපදෙස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

මුස්ලිම් කොරෝනා මරණ භූමදානයට භූමියක් තෝරාගන්නැයි අගමැතිගෙන් උපදෙස්

කොරෝනාවෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පුසුගියදා (10) පැවැත්විණි.
කොරෝනාවෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය.

දැනට මෙම වෛරසය ආසාදනය මගින් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ වෛරසය දින 36ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

සෞඛ්‍යයට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ගවල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේ ය.

ඒ සඳහා සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad