කොරෝනා වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා විධිමත් අවසරයක් ලබා දෙන තුරු තාවකාලිකව එම ඖෂධය බෙදාහැරීමේ කටයුත්ත අත්හිටවූ බවයි.
මේ සඳහා ධම්මික බණ්ඩාර මහතාද එකඟතාවය පළ කල බව ඔහු පැවසීය.
මෙම තීරණය ගන්නා ලද්දේ එම ප්‍රදේශයට අද දිනයේ විශාල පිරිසක් පැමිණ නිසා බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.
අද පස්වරුවේ ධම්මික බණ්ඩාර මහතා ද තම නිවසේ දී කියා සිටියේ එම ඖෂධය බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත් ඖෂධය නිෂ්පාදන කටයුතු තව දුරටත් සිදු කරමින් පවතින බවත් රජයේ අවසර ලැබුණු පසු එය විධිමත් ආකාරයෙන් බෙදා හැරීමට සූදානම් බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ අතර එම ස්ථානයට අද පැමිණි පිරිස් සම්බන්දයෙන් ප්‍රදේශය බාර පොලිස් නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ වසංගත තත්වයක් ප්‍රකාශ කර ඇති තිබියදී කුමන හෝ කරුණක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවයි.
ඖෂධ බෙදා දීමේ වැඩපිළිවෙළ ගැන දැනුවත් වීමෙන් පසු එහි රාජකාරියට පොලිස් නිළධාරින් යෙදූවද බලාපොරොත්තු වූවාට වඩා විශාල පිරිසක් එකවර පැමිණි නිසා පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇතිවු බවද ඔහු තවදුරටත් පැවසීය.

No comments:
Post a Comment