මෛත්‍රී හදිසියේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවයි - විශේෂ තීන්දුවකට පුළුල් සාකච්ඡාවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 30, 2020

මෛත්‍රී හදිසියේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවයි - විශේෂ තීන්දුවකට පුළුල් සාකච්ඡාවක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ශ්‍රීලනිපයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) රැස්වීමට නියමිතය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

“අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙනවා සවස 7ට පක්ෂ මුලස්ථානයේ දී. හිටපු ජනාධිපති පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී විශේෂයෙන්ම අපි අවධානය යොමුකරන්න බලාපොරොත්තු වෙනවා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන. විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වය සමග රටේ මතුවෙලා තියෙන තත්ත්වය සහ ජනතාව ආර්ථිකය සමග පීඩාවට පත්වෙලා තියෙන පැතිකඩ ගැන. මේ ගැන විශේෂ කරුණු සාකච්ඡා කර පුළුල් සාකච්ඡාවක් සිදුකරනවා.“ යැයි ඒ මහතා පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad