පාර්ලිමේන්තුව කොරෝනා අවදානමේ.. කතානායක ඇතුළු පිරිසක් නිරෝධායනයට.. අංශ කිහිපයක් වසා දැමීම අද.. නව සැසියට කතානායක නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 31, 2020

පාර්ලිමේන්තුව කොරෝනා අවදානමේ.. කතානායක ඇතුළු පිරිසක් නිරෝධායනයට.. අංශ කිහිපයක් වසා දැමීම අද.. නව සැසියට කතානායක නෑ !

පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලය වසා දැමීමට කටයුතු කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ කථානායකවරයාගේ පෙරගමන් රථයේ පොලිස් රියදුරාට සහ සහ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමයි.

එම ආසාදිතයන් සංචරණය කළ පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයක්ම වසා දැමීම හෝ නොදැමීම අද දිනයේ ලැබෙන PCR පරීක්ෂණ ප්‍රතිඵල මත තීරණය වීමට නියමිතය.

කතානායක වරයාද මේ වනවිට ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනය ලක්ව සිටියි.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධයට ලක් කර තිබේ.

එළැඹෙන 05 වැනිදා ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු වාරයේදී කතානායකවරයා සහභාගී නොවනු ඇති බවත් වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad