පැවති පලාත් සභා නැවත පිහිටුවන්න යෝජනාව සම්මතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 31, 2020

පැවති පලාත් සභා නැවත පිහිටුවන්න යෝජනාව සම්මතයි

පැවති පළාත් සභා නැවත සක්‍රීය කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව එකී යෝජනාව ඉදිරියේදී ඉක්මනින්ම ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමූ නිසා එම ආයතන සක්‍රීය තත්ත්වය පවත්වාගෙන යාමට මෙම තීරණය ගත යුතු බව එම පක්ෂයේ අදහසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂයකි.


No comments:

Post a Comment

Post Bottom Ad