කෑගල්ලේ කොරෝනා ඔසුවට විරුද්දව විදෙස් රටවලින් කුමන්ත‍්‍රණයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 13, 2020

කෑගල්ලේ කොරෝනා ඔසුවට විරුද්දව විදෙස් රටවලින් කුමන්ත‍්‍රණයක්

කොරෝනා වෛරසයට එරෙහිව මෙරටින් සොයා ගෙන ඇති දේශීය ඖෂධය තුළින් ආසාදිතයන් සුවපත් කිරීමට ලැබුණොත් ඊට විරුද්ධව එන්නත් හා ඖෂධ නිෂ්පාදනය කරන රටවලිවන් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය හැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ලොව අඩු දියුණු රටවල් වලින් මතුවන හැකියාවන් දියුණු රටවල් විසින් අවශෝෂණය කර ගැනීමට හෝ යටපත් කරලීමට උත්සාහ කරන බව ද ඒ මහතා පැවසීය.

සාර්ථක දේශීය ඖෂධයක් ශ්‍රී ලංකා වැනි පුංචි රටක සොයාගත හොත් එන්නත් ඇතුළු ඖෂධ නිපදවන රටවලින් තර්ජනයක් එල්ල වීමේ හැකියාව තිබෙන බවත් එනිසා දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔහු කියා සිටියේය.

අප සොයා බැලිය යුත්තේ සොයාගත් ඖෂධයේ ගුණ අගුණ මිස එය නිෂ්පාදනය කරන පුද්ගලයාගේ තොරතුරු නොවන බවද ඇමතිවරයා පැවසීය.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad