රතන හිමි විශේෂ තීන්දුවකට සූදානම් - ඥානසාර හිමි එක්ක විශේෂ සාකච්ඡාවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

රතන හිමි විශේෂ තීන්දුවකට සූදානම් - ඥානසාර හිමි එක්ක විශේෂ සාකච්ඡාවක් !

පේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පිළිබද අවසන් සාකච්ඡාවක් හෙට(08) පැවැත්වීමට නියමිතව තිබේ. පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

පසුගිය සිකුරාදා ද ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා පැවසී ය. 

මේ අතර, එක්සත් ජාතික පක්ෂයට ද පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කවුරුන් ද යන්න පිළිබදව මේ වන තෙක් එම පක්ෂය ද අවසන් නිගමනකට පැමිණ නැහැ.

පක්ෂයේ බොහෝ පිරිසක් පසුගිය දා අත්සන් ලේඛනයක් ඉදිරිපත් කරමින් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පිවිසෙන ලෙස ආරාධනා කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කළ බවට වාර්තා විය.


No comments:

Post a Comment

Post Bottom Ad