ගොවිජන සේවා කොමසාරිස්ට කොරෝනා… ඔහු ප‍්‍රධාන පෙලේ ඇමතිවරයෙක් හමුවෙලා.. නිලධාරීන් විශාල පිරිසක් හුදෙකලා කරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

ගොවිජන සේවා කොමසාරිස්ට කොරෝනා… ඔහු ප‍්‍රධාන පෙලේ ඇමතිවරයෙක් හමුවෙලා.. නිලධාරීන් විශාල පිරිසක් හුදෙකලා කරති

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී පැවැති වැඩමුළුවකට සහභාගි වූ නිලධාරීන් විශාල පිරිසක් නිරෝදායනයට යොමුකර තිබේ.

පසුගිය 28 වැනි දින කෘෂිකර්ම වැඩමුළුවක් හම්බන්තොට වීරකැටිය උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත් වී ඇත්තේ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙනි.

එම වැඩමුළුවට සහභාගි වීමට අමතරව හම්බන්තොට දී ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකු හමුවීමට ද ඔහු සැලසුම් කර තිබිණි.

කොමසාරිස් ජනරාල්වරයාට රෝග ලක්ෂණ මතු වීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණයෙන් ආසාදිත බව හෙළි වී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad