ජනාධිපති ලේකම්ගේ තීරණයට ඇමති වාසුගේ විරෝධය.. ලිඛිතව දන්වයි.. ජනතා දැඩි විරෝධය එල්ල වෙයිලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

ජනාධිපති ලේකම්ගේ තීරණයට ඇමති වාසුගේ විරෝධය.. ලිඛිතව දන්වයි.. ජනතා දැඩි විරෝධය එල්ල වෙයිලු

හජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම නොසතුට පළකරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ එම කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවයි.

ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවද එකී ලිපියේ දැක්වේ.

මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි යැයි ද ඇමතිවරයා තම ලිපියේ අනතුරු අඟවා ඇත.

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.

එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙසද එකේ ලිපියෙන් දන්වා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad