මේ වෙලාවේ අපි රජයේ සේවකයින්ට පඩිය ගෙවන එක ගැන ඔවුන් පුදුම වෙන්න ඕනෑ - ඇමති බන්ධුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

මේ වෙලාවේ අපි රජයේ සේවකයින්ට පඩිය ගෙවන එක ගැන ඔවුන් පුදුම වෙන්න ඕනෑ - ඇමති බන්ධුල

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාම අසීරු අවධියක් පසු කරමින් සිටියදී පවා රජයේ සේවකයින්ට මේ මොහොතේදීත් ආණ්ඩුව සම්පූර්ණ වැටුපම ගෙවීම ගැන ඔවුන් පුදුම වියයුතු බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රශ්නය - රාජ්‍ය සේවකයින්ගෙ පඩිය වැඩිවුණේ නෑ කියලා චෝදනාවක් තියෙනවා ... ?

"මේ වෙලාවේ මේ පඩිය ගෙවන එක ගැනයි පුදුම වෙන්න ඕනෙ. මොකද ලෝකෙ රටවල් වල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසකට තමන් කරමින් ඉන්න රස්සාව නැතිවෙලා, ජීවනෝපාය අහිමි වෙලා තියෙන්නෙ. අද පුද්ගලික අංශයේ සේවකයින්ටත් කම්කරු දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් වැටුපෙන් කොටසක් පමණයි ගෙවන්නෙ. මොකද කර්මාන්ත ශාලා වහලා. 

පිටරට බඩු පැටවීම නතර වෙලා. ඉතිං බොහොම අමාරු අවධියක් තමයි මේ තියෙන්නෙ කොවිඩ් 19 වසංගතය නිසා" 


 
ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දිනයේදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad