සජිත්ට මඩ ගැහුවොත් වැඩ වරදියි - මඩ ගැහුවොත් නඩු - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 8, 2020

සජිත්ට මඩ ගැහුවොත් වැඩ වරදියි - මඩ ගැහුවොත් නඩු


පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන එල්ල කරන මඩ ප්‍රහාරයන් පාර්ලිමේන්තුවෙන් පිටතදී නොයෙකුත් මාධ්‍ය හමුවේද සිදුකරන ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිකුරාදා (4දා) පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් පැවැසීය.
මෙසේ විපක්ෂ නායකවරයාට පෞද්ගලිකව එල්ල කරන මඩ ප්‍රහාරයන් ඉහළ යමින් පවතින නිසා ඒ පිළිබඳව දැඩි පියවර ගතයුතු බවට එහිදී තීරණය වූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.


එවැනි අභූත චෝදනාවන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලයේ සහාය ලබා ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad