නත්තල් දේවමෙහෙයේ දේශපාලඥයින් පෙන්වීමට දේව ගැතිවරු විරුද්ධ වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

නත්තල් දේවමෙහෙයේ දේශපාලඥයින් පෙන්වීමට දේව ගැතිවරු විරුද්ධ වෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කදාන ශාන්ත සෙබතියන් දෙව් මැදුරේ පෙරේදා (24) මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය ආවරණය කිරීමට ගිය රූපවාහිනී කැමරාකරුවන්ට එම දේවස්ථානයේ දේව ගැතිවරුන්ගේ විරෝධයක් එල්ල වී තිබේ.

ඒ අදාළ දේව මෙහෙය සජීවීව විකාශය කිරීමේදී වරින් වර එහි ගොස් සිටි දේශපාලකයන් පෙන්වීමට ගත් උත්සාහයක් නිසාය.

එහිදී දේව ගැතිවරුන් පවසා ඇත්තේ නත්තල් දේව මෙහෙය රටටම වැදගත් එකක් බවත්, වැදගත්වන්නේ දේව මෙහෙයට සහභාගිවන අවශේෂ පිරිස පෙන්වීම නොව එහි දේව මෙහෙය සිදුකරනු ලබන කාදිනල්තුමන් පෙන්වීම බවයි.

දේවමෙහෙය තුළ දේශපාලඥයින්ගේ රූප රාමු ලබා ගැනීමට යොදා සිටි කැමරා ශිල්පියකුද අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට දේවගැතිවරුන් කටයුතු කර තිබූ බව වාර්තා වේ.

පසුව කැමරා ශිල්පීන් හා වැඩසටන් නිෂ්පාදකයන් අතර මේ සිදුවීම නිසා බහින් බස්වීම් ද ඇතිව ඇති බව රූපවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ දේව මෙහෙයට සුදර්නී ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යවරියද, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු හා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad