ධමිමක බණ්ඩාරගේ කොරෝනා පැණියට ආහාර අතිරේකයක් ලෙස අනුමැතිය දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

ධමිමක බණ්ඩාරගේ කොරෝනා පැණියට ආහාර අතිරේකයක් ලෙස අනුමැතිය දෙයි

කොරොනා වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ආහාර අතිරේකයක් ලෙස හඳුනාගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ප්‍රතිකර්ම පිළිබඳ ජාතික කමිටුව විසින් එම ඖෂධය ආහාර අතිරේකයක් ලෙස හඳුනාගත් බවයි.

එය සකස් කර ඇත්තේ මී පැණි, සාදික්කා වැනි එදිනෙදා භාවිතා කරන ශරීරයට අහිතකර නොවන දේවලින් නිසා අමාත්‍යංශය යටතේ ඇති ඖෂධ අනුමත සූත‍්‍ර කමිටුව මගින් අනුමත කළ බවද ඔහු සඳහන් කළේය.

අදාළ ඖෂධය වතුපිටිවල රෝහලේ දී අවස්ථා දෙකකදී සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත රෝගීන් සියයට සීයක්ම සුවපත් වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad