අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකුටත් කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 15, 2020

අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකුටත් කොරෝනා


ගුවන් හමුදා මූලස්ථානයේ සේවය කරන රොටුඹ දෙන්කන්දලිය පදිංචි තිස්එක් හැවිරිදි ගුවන් සෙබළියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

එම කාන්තාව සහ ඇගේ පෙම්වතා සමග රොටුඹ දෙන්කන්දලිය ප්‍රදේශයේ සිය නිවසට පසුගිය 7 වැනිදා පැමිණ තිබේ.

9 වැනිදා ඇය යළි සේවයට ගොස් ඇති අතර 11 වැනිදා පී.සී.ආර්. පරීකෂණයේදී කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. ඇයගේ පෙම්වතා අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයකු ලෙස සේවය කරන අතර ඔහුටද වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් රොටුඹ දෙන්කන්දලිය ප්‍රදේශයේ එම පවුලේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කර තිබේ.

මීට පෙරද රොටුඹ ප්‍රදේශයේ පදිංචි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන අයකු නිවසට පැමිණ නැවත සේවයට ගිය පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී වයිරසය ආසාදනය වී තිබූ බව අනාවරණය විය.

ජයන්ත ගුණවර්ධන – ඌරුබොක්ක
ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්


No comments:

Post a Comment

Post Bottom Ad