අපිව අවුස්සගන්න එපා, අවුස්සගත්තොත් කැලේ කොටියා වගේ - මුරුත්තෙට්ටුවේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

අපිව අවුස්සගන්න එපා, අවුස්සගත්තොත් කැලේ කොටියා වගේ - මුරුත්තෙට්ටුවේ හිමි

කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න පිළිබඳ ඇතිව තිබෙන අනවශ්‍ය සංවාදයක් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. රටකට එකම නීතියක්, එකම වැඩපිළිවෙලක් තිබිය යුතු බවත්, ඒ අනුව එක් එක් රජය මගින් පනවන නීති එක් එක් පාර්ශ්වවලට අවශ්‍ය පරිදි වෙනස් නොකළ යුතු බවත් ආනන්ද හිමි පෙන්වා දෙනවා.

භූමදානය කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා සාමකාමී ලෙස පෙනී සිටින බවත්, එම සාමකාමී තත්වය නැතිකර දැමීම සඳහා කටයුතු නොකරන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කරනවා.

සාමකාමී ලෙස කටයුතු කරන තමන් ඇතුළු පිරිස අවුස්ස ගන්න එපා යැයි අවධාරණය කරන මුරුත්තෙට්ටුවෙ ආනන්ද හිමි පවසන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර අවුස්සා ගතහොත් කැලේ සිටින කොටි අවුස්ස ගත්තා වැනි ආකාරයේ සිදුවීමක් සිදුවිය හැකි බවයි. මළසිරුරු භූමදානය කිරීමට කිසිසේත් අවස්ථාව ලබා ‍නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටින බවයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad