PCR කරන්න සල්ලි නෑ.. විදේශයක සිට පැමිණි ලාංකිකයන් පිරිසක් කටුනායක විරෝධතා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 4, 2020

PCR කරන්න සල්ලි නෑ.. විදේශයක සිට පැමිණි ලාංකිකයන් පිරිසක් කටුනායක විරෝධතා

මානයේ සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා දීමට තමන්ට මුදල් නැතැයි පවසමින් විරෝධතා පළ කර තිබේ.

ශ්‍රී ලාංකික වූ 54 දෙනෙකු ඔ්මාන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබිණ.

ඒ අතරින් 20 දෙනෙකු පමණ තමන්ට කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට මුදල් නැතැයි සඳහන් කර විරෝධය පළ කර තිබේ.

කෙසේ නමුත් ඔවුන්ට මෙරටට පැමිණීමට පෙර මෙරට ගුවන්තොටුපලේදී මුදල් ගෙවා පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතු බවට දැනුවත් කරන ලද බව එම ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

නමුත් තත්වය සලකා බලා ගුවන් තොටුපොළේ පිහිටි වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර තිබේ.

ඔවුන් මේ වන විට නිරෝධාන සඳහා යොමුකර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad