කොළඹ පුරා වෛසය වේගයෙන් පැතිරෙනවා.. මූලාශ‍්‍රයක් නැති කොරෝනා උප පොකුරු රට පුරා.. සමාජගත වී නැතැයි කියුවත් සත්‍ය මෙයයි..- PHI සංගමය කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

කොළඹ පුරා වෛසය වේගයෙන් පැතිරෙනවා.. මූලාශ‍්‍රයක් නැති කොරෝනා උප පොකුරු රට පුරා.. සමාජගත වී නැතැයි කියුවත් සත්‍ය මෙයයි..- PHI සංගමය කියයි..

අද වන විට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල කොරෝනා උප පොකුරු නිර්මාණය වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මූලාශ‍්‍ර සොයාගත නොහැකි රෝගීන් වාර්තා වෙමින් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹ මහ නගර සභා සීමාවේ උතුරු කොලඹ පැවති අර්බුදය මේ වන විට නගර සභා සීමාවේ අනෙක් සීමාවන් වලටද පැතිරෙමින් ඇතැයිද ඒ මහතා පැවසීය.

කොරෝනා ආසාදිතයන් වාර්තා වීම පෙර පරිදිම සිදුවන බවත් පැවසූ ඔහු වසංගත රෝග විද්‍යාඥයන්, විශේෂඥ වෛද්‍යවරුන් වෛරසය සමාජ ගත වී නැතැයි පැවසුවද සත්‍ය තත්වය මෙය බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad