PICSL අහෝසියට විදුලි ඉංජිනේරුවෝත් විරුද්ද වෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

PICSL අහෝසියට විදුලි ඉංජිනේරුවෝත් විරුද්ද වෙති

හජන උපයෝගිතා කොමිසම කාළාන්තරයක් තිස්සේ ලංකා විදුලිබල මණ්ඩලය සමග කබ ඇදිල්ලක නිරත විම හේතුවෙන් කොමිසම සමග යම් කිසි ගැටුමක සිටින විදුලි ඉංජිනේරුවෝ පවසන්නෙත් මේ ආකාරයට කොමිසමක් වසා දමනවාට තමනුත් විරුද්ධ බවයි.

ඒ බව ද අයිලන්ඩ් පුවත් පතට කරුණු දැක්වූ විදුලි ඉංජිනේරු සංගමයේ සෞමය කුමාරවඩු මහතා තවදුරටත් පවසන්නේ, ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලයට නියාමකයෙක් අවශ්‍ය බව පෙන්වා දුන්නේ කාළයකට පෙර බවත්, එම නිසා මහජන උපයෝගිතා කොමිසම වැනි ආයතනයක් බිහි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අවශ්‍ය පහසුකම් සපයා දුන් බවත්ය. “ අපට තිබෙන්නේ එම කොමිසම පිළිබද ගැටළුවක් නොව එහි සිටින සමහර නිළධාරින්ගේ ක්‍රියා කළාප පිළිබද ගැටළුවකි”.

රජයන් මගින් දක්ෂ නිළධාරින් පත් නොකිරීම හේතුවෙන් මෙම තත්වයන් උද්ගත වී ඇති බවත්, අවශ්‍ය වී ඇත්තේ හොද කණ්ඩායමක් සමග වැඩ කිරීමට බවත් ඒ මහතා පවසා ඇත.

රජය ගත් මෙම තීරණය සමග ඉදිරියට යාමට සුදානම් වුවහොත් ඉංජිනේරු සංගමයත් ඒ සමගම අවශ්‍ය තීන්දු සහ තීරණ ඉදිර්යේදී ගන්නා බවත් පැවසේ.


No comments:

Post a Comment

Post Bottom Ad