ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහළට දමා තිබේ. ඊයේ දින එම ආයතනය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව අනුය ශ්‍රී ලංකාව B- කාණ්ඩයේ CCC+ කාණ්ඩය දක්වා පහත දමා ඇත.
ලොව ප්රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මෙම ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව අයත් වන්නේ ඇන්ගෝලාව, ආජන්ටිනාව ඇතුළු රාජ්‍යයන් ඇතුළත් වන කාණ්ඩයටයි.
මේ වන විටත් මූඩීස් ආයතනයත්, ෆිච් රේටිං ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබේ.
ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත පහත දැමීමට ලොව ප්රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 3 විසින්ම කටයුතු කර තිබීම විශේෂත්වයකි.

No comments:
Post a Comment