රන් කහවණු ගෙනෙන වරාය විකුණන්න හදන්න එපා! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

රන් කහවණු ගෙනෙන වරාය විකුණන්න හදන්න එපා! (VIDEO)

දැනට රජය මඟින් පවත්වාගෙන යන ජය බහාලුම් පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම්වලින් නිදහස් වී දේශීය හෝ විදේශීය සමාගමක් යටතට පත් වුණොත් තවදුරටත් රටට අදායම් ගලා ඒම නවතින බව වටහා ගත යුතු බව සිවිල් අපි සංවිධානයේ සභාපති කපිල රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය. 

ආදායම් අතිරික්තයක් නොමැති රටක තවදුරටත් මෙවැනි රජයේ පාලනයෙන් ගිලිහෙන්නට ඉඩ දිය යුතු නැති බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු රන් කහවනු ගෙන දෙන රන් කිකිළියක බවද ඔහු පවසයි. 

එහෙයින් එවැනි තැනක් දිවිහිමියෙන් රැක ගැනීම සියලු පාර්ශවවල වගකීම බවද  ඔහු අවධාරණය කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad