“මොකක්ද ඔයා හැදුවේ..ඔයාට අයිතියක් නෑ මෙතන“ උද්ඝෝෂණයට ගිය පාඨලීව මැනිං වෙළෙඳුන් බැන පන්නා දමයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

“මොකක්ද ඔයා හැදුවේ..ඔයාට අයිතියක් නෑ මෙතන“ උද්ඝෝෂණයට ගිය පාඨලීව මැනිං වෙළෙඳුන් බැන පන්නා දමයි - (video)

මැනිං වෙළඳපල පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමේදී අසාධාරණයක් සිදුවූ බව පවසමින් එහි වෙළඳුන් පිරිසක් ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා සිදුකිරීම සඳහා ලබාදී ඇති ස්ථානයේ ඊයේ (07) සිදුකළ උද්ඝෝෂණයක් අසළට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැමිණීමත් සමඟ උණුසුම් තත්වයක් හටගෙත තිබිණි.

හිටපු අමාත්‍යවරයාට විරෝධය පළ කරමින් වෙළඳුන් සඳහන් කළේ තම ඉල්ලීම් මුවාවෙන් දේශපාලනය සිදුකිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවයි.

කොළඹ මැනිං වෙළඳපොල, පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමේ සැළසුම කළක පටන් පැවතියද, ඒ පිළිබඳව අවධානය ඉහළ ගියේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැනිං වෙළඳපොල වසා දැමීමත් සමඟයි.

පසුගියදා කුසපත් ඇදීමකින් වෙළඳුන් සඳහා පෑලියගොඩ වෙළඳපොලේ කඩකාමර ලබාදී තිබුණද වෙළඳුන් චෝදනා කළේ වෙළඳ සංගමයේ සභාපතිවරයා, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැමිණීමත් සමඟ උණුසුම් තත්වයක් හටගෙන තිබිණි.

එම වීඩියෝව පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad