මහර බන්ධනාගාර වීඩියෝ බලපු ඕනෙ මෝඩයෙකුට පෙති කතාව ඇත්ත කියා තේරෙන්න ඕනෑ - විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

මහර බන්ධනාගාර වීඩියෝ බලපු ඕනෙ මෝඩයෙකුට පෙති කතාව ඇත්ත කියා තේරෙන්න ඕනෑ - විමල්

හර බන්ධනාගාරයේ කළහකාරී තත්වය මතුවූයේ සිරකරුවන්ට යම්කිසි පෙති වර්ගයක් ලබාදීම නිසා බවට තමන් කළ ප්‍රකාශය සත්‍යයයැයි එම බන්ධනාගාර සිද්ධිය පිළිබඳ පොලිසිය විසින් නිකුත් කළ වීඩියෝ පට නරඹන ඕනෑම මෝඩයෙකුට වැටහිය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

"සිරකරුවෝ සිරකරුවෝ මරාගත්තු එකෙන්ම තේරෙනවානෙ ප්‍රශ්නෙ තිබිලා තියෙන්නෙ ඔය කියන හේතු කාරණා මත නෙවෙයි කියලා. සිරකරුවන්ට බන්ධනාගාර පාලනයත් එක්ක නම් ප්‍රශ්නයක් තිබ්බෙ, ගැටුම ඇතිවෙන්න ඕනෙ ඒ දෙගොල්ල අතරෙනෙ. දැන් ගැටුම ඒ දෙගොල්ලො අතරෙ විතරක් නෙවෙයිනෙ, සිරකාරයො අතරත් ඇතිවෙලානෙ. ඒකෙන් ම පේනවා නේද මේක මොනවගේ දෙයක්ද කියලා ? ඒකෙදි ඒ වගේ තත්වයක් පාලනය කරගන්න ආණ්ඩුවක් හැටියට කරන්න පුළුවන් දේ කරලා තියෙනවා"

ප්‍රශ්නය - ඔබතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා යම්කිසි පෙති වර්ගයක් පානය කරලා තමයි මේක ඇතිවුණේ කියලා ? 

"දැන් අර වීඩියෝ පට බලන්නකෝ, සාමාන්‍ය මානසිකත්වයෙ ඉන්න මිනිස්සුද ඒ එහෙට මෙහෙට පැන පැන තමන්ගෙ සහෝදර සිරකරුවන්ට ගහන්නෙ ? ( සිනාසෙයි ) එහෙම කරන්න පුළුවන්ද නිකම් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ? ඒ වීඩියෝ පට දැක්කාම තේරෙනවා කොහොමද ඒක වෙන්නෙ කියලා ... 

ප්‍රශ්නය -ඔබතුමා තවමත් කියන්නෙ යම්කිසි පෙති වර්ගයක් පානය කරලා තමයි මොවුන් හැසිරිලා තියෙන්නෙ කියලාද ?

"සාමාන්‍යයෙන් සිරකාරයො සිරකාරයො මරාගන්නෙ නෑ. සිරකාරයො සිරකාරයො මරාගන්න සාමාන්‍ය මානසිකත්වයකින් බෑ. ඒක තේරෙන්න ඕනෙ ඔය වීඩියෝ පට බලපු ඕනෙ මෝඩයෙකුට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad