සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුවේ දී දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
වීරසේකර මහතා ඇමති ධුරයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ ඔහුගේ පුත්‍රයා පොලිස් නිල අැදුමින් පැමිණ වැළඳ ගැනීම සම්බන්ධයෙන් ඔහු දඩිව විවේචන ඉදිරිපත් කලේය.
එමෙන්ම සරත් වීරසේකර මහතා යුද සමයේ සිවිල් ආරක්ෂක බළකාය මෙහෙයවුවද එය ආරක්ෂක කවුන්සිලය පවා නියෝජනය නොකළ ආරක්‍ෂක අංශ යටතේ පැවති එක් ඒකකයක් පමණක් බවත් ඔහු කියා සිටියේය
තමන් කොටි පැරදු යුද්ධයට අණදුන් ප්‍රධාන සෙන්පතියන් පස් දෙනාගෙන් එක් අයෙකු යයි ඇමති සරත් වීරසේකර මහතා කල ප‍්‍රකාශය අසත්‍ය බවද පැවසූ ෆොන්සේකා මහතා පැවසුවේ සරත් වීරසේකර මහතා විසින් සිදුකළේ සිවිල් ආරක්ෂක බළකායේ පරිපාලන කටයුතු පමණක් බවත් වෙඩි හඬක් ඇසෙන මානයකවත් ඔහු නොසිටි බවත් පැවසීය.


No comments:
Post a Comment