සබීතාපායට තාමත් මාසෙට කෝටි දෙකක් කුලිය ගෙවනවලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 27, 2021

සබීතාපායට තාමත් මාසෙට කෝටි දෙකක් කුලිය ගෙවනවලු

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල බවට රජයේ විගණන කාර්යාලයේ නිලධාරීහු හෙළි කර සිටිති.

මේ වනවිට විශේෂ සොයා බැලීමක්ද ආරම්භ කර ඇතැයි ඔවුහු සඳහන් කරති.

ඉකුත් යහපාලන කාලසීමාවේදී කැබිනට් අනුමැතියට අනුව රාජගිරිය ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මසකට රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් කුලී වශයෙන් ගෙවා තිබුණි.

වත්මන් පාලනය යටතේ එම ගොඩනැගිල්ලෙන් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය ඉවත් කලත් මසකට ගෙවිය යුතු කුලී මුදල දිගටම ගෙවා දමන බව විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙළිකරති.

මෙරට පිහිටි රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයට අමතරව ප්‍රාදේශීය කාර්යාලද මෙලෙස පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යමින් කුලිය වසහයෙන් කෝටි ගණනින් මුදල් ගෙවන බවද ඔවුහු පවසති.

මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සකසා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට විගණන නිලධාරීහු පිරිසක් කටයුතු ආරම්භ කර ඇත.

(මව්බිම)


No comments:

Post a Comment

Post Bottom Ad