කොළඹ ඉස්කෝලෙට නෑවිත් ගෙවල් ගාව ඉස්කෝලෙන් තාවකාලිකව ඉගෙන ගන්න අවස්ථාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 26, 2021

කොළඹ ඉස්කෝලෙට නෑවිත් ගෙවල් ගාව ඉස්කෝලෙන් තාවකාලිකව ඉගෙන ගන්න අවස්ථාව

පාසැල් යාමේදී දිස්ත්‍රික් අතර හා පළාත් අතර ගමනාගමනය අවම කිරීම අරමුණු කරගෙන තමන් අධ්‍යාපනය ලබන පාසැල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණද ළඟම ඇති පාසැලට ඇතුලත් වී තාවකාලිකව අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ලබා දීමට තීරණය වී ඇති බව පැවසේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ දිස්ත්‍රික් අතර ගමනාගමනය හැකිතාක් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට සැලසුම් කර ඇති බවත්, සියළු සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් හා ගුරුවරුන්ගෙන් මෙම ඉල්ලීම සිදු කරන බවත්ය.

එලෙස ළඟම පාසැලෙන් අධ්‍යාපනය ලැබීමට කැමති දරුවන් වේ නම් ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දීමට සූදානම් බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad