පළමු ආසාදිතයා වාර්තා වී අදට වසරයි - වසරට හැටදාහයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 27, 2021

පළමු ආසාදිතයා වාර්තා වී අදට වසරයි - වසරට හැටදාහයි

මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වී අද වසරක් සම්පූර්ණ වෙනවා. මෙරටින් පළමු ආසාදිතයා වාර්තා වූයේ පසුගිය වසරේ ජනවාරි 27 වැනිදායි.

පළමු ආසාදිතයා ලෙස වාර්තා වූයේ ලියු යැං නමැති චීන ජාතික කාන්තාවකි. ඇය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් රෝග ලක්ෂ පහළවීම හේතුවෙන් අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ අතර, සිදුකළ පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කෙරිණි.

එතැන් පටන් වසරක් ගතවන විට මෙරටින් හමු වූ ආසාදිතයන් ප්‍රමාණය හැටදහස ආසන්නයට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රී වනවිට සෞඛ්‍ය අංශවල වාර්තාවලට අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 59,922 කි. මේ දක්වා කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පුද්ගලයන් 288 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad