යුක්‍රේන සංචාරකයන් ගෙන ඒම උදයංගගේ ජාවාරමක් - සංචාරකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් - පිළිගැනීමට කිසිවෙකු නිරෝධායනය කර නෑ | Ukraine - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 1, 2021

යුක්‍රේන සංචාරකයන් ගෙන ඒම උදයංගගේ ජාවාරමක් - සංචාරකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් - පිළිගැනීමට කිසිවෙකු නිරෝධායනය කර නෑ | Ukraine


සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වීම පිටුපස මහා ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙළි කරයි.

කොවිඩ්-19 හේතුකොටගෙන බොහෝ රටවල ගුවන්තොටුපළවල් වසා දැමීමට හා සීමා කිරීමට ලක්කර ඇති සේ ම පසුගිය දා එංගලන්තයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනාවෛරස නව ප්‍රභේදයක් හේතුවෙන් සෑම රටක් පාහේ තම රටට විදේශිකයන් ඇතුළුවීම වැළැක්වීමට ගුවන්තොටුපළ සීමා කිරීම සිදු කර තිබියදී ලංකාව ගුවන්තොටුපළ විවෘත කිරීමට ගත් පියවර බරපතළ බවත් ඔහු පැවසීය.

දිසානායක මහතා පැවැසුවේ, එහි මූලික අරමුණ විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වීම වෙනුවට සංචාරක ප්‍රවර්ධනය යන මුවාවෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ මැදිහත් වීමෙන් සංචාරක ජාවාරමක් සිදුකරගෙන යෑම බවත් එම සංචාරකයන් ගෙන්වීමට මැදිහත් වන්නේ ඔවුන් බවත් ය.

එමෙන් ම, අදාළ සංචාරකයන් ප්‍රවාහනය කරන්නේ එක්තරා ප්‍රවාහන සේවයකින් මෙන්ම සංචාරකයන්ට නවාතැන් ලබාදෙන්නේද ඔවුන් තෝරා දෙන හෝටල්වලින් පමණක් බවත් මන්ත්‍රිවරයා හෙළිදරව් කළේය.

එපමණක් නොව මේ වන විට යුක්රේනයෙන් ගෙන්වූ සංචාරකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති නමුත් ඊට මැදිහත් වූ සංචාරකයන් පිළිගැනීමට පවා ගිය උදයංග වීරතුංග හෝ කිසිවෙකු නිරෝධායනයට ලක්කර නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.




No comments:

Post a Comment

Post Bottom Ad