ජනදිපතිතුමනි අපෙන් හම්බ කරන කන්න එපා - තානාපති කාර්යාල අපිව සුරගෙන කනවා - විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආයාචනා - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 1, 2021

ජනදිපතිතුමනි අපෙන් හම්බ කරන කන්න එපා - තානාපති කාර්යාල අපිව සුරගෙන කනවා - විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආයාචනා - (video)

ශ්‍රී ලංකාවට ආපසු යාම සඳහා අයකරනු ලබන විශාල මුදලක් දැරීමට කම්කරුවන්ට සිදුව ඇති බව පෙන්වා දෙමින් කම්කරුවන් කිහිප දෙනෙකු විසින් පල කරන ලද වීඩියෝවන්, දැනට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා. විදේශගතව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සංවේදී ආයාචනයක් ඉදිරිපත් කරමින් පවසන්නේ ඔවුන්ගෙන් සමහරෙකුට ශ්‍රී ලංකාවට ආපසු යාමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ලංකාවට ආපසු යාමට නම් තානාපති කාර්යාල විශාල මුදලක් ය කරන බවත් එසේ ගියත් නිරෝදයනය වීම සදහා හෝටල් වල නැවතීමට කැමැත්ත පල කරමින් බලෙන් ලියුම් අත්සන් ගන්නා අතර ඊට විශාල මුදලක් අය කරන බවත් පැවසෙනවා . ඔවුන් ජනාදිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ව තානාපති කාර්යාලවල මැදිහත් වීම් වලින් තොරව ඍජුව මෙරටට පැමිණීමට අවසර ලබාදෙන ලෙසයි . එලෙසම ඔවුන් කියා සිටින්නේ නිරෝදයනය වෙනුවෙන් තානාපති කාර්යාල ඉල්ලන මුදල් ප්‍රමාණය තමන්ට ගෙවීමට අපහසු නිසා රජයේ නිරෝදයන මද්‍යස්ථානහි තමන්ව නිරෝදයනය කරවන ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad