එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග යළි එක්වීමට අමෙරිකාවේ නව ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් මහතා තීරණය කොට ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සමානාත්මතාවය කේන්ද්‍ර කර ගත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා කැපවීමේ පියවරක් ලෙස මානව හිමිකම් කවුන්සිලය සමග වහාම ශක්තිමත් ලෙස නැවත සම්බන්ධ වන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව රාජ්‍ය ලේකම් බව ඇන්ටනි බ්ලින්කන් සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව ඉන් ඉවත් කර ගත්තේ ඉකුත් 2018 වසරේදීය.
කෙසේවෙතත් මේ ආකාරයට අමෙරිකාව යළිත් මානව හිමිකම් කොමිසමට එක්වීම ලංකාව සම්බන්ධයෙන් අහිතකර තත්ත්වයක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
-mawratanews


No comments:
Post a Comment