දඬුගම් ඔය ඇරඹෙන දෝතුළු කන්දේ කබනා 300ක් සහ පිහිණුම් තටාකයක් ඉදිකිරීමේ සූදානමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 28, 2021

දඬුගම් ඔය ඇරඹෙන දෝතුළු කන්දේ කබනා 300ක් සහ පිහිණුම් තටාකයක් ඉදිකිරීමේ සූදානමක් !

ටියන්තොට, යක්දිස්ස රක්ෂිතයේ දෝතුළුව කන්දේ සිදුවන පරිසර විනාශය නතරකර දෙන ලෙස ඉල්ලමින් කිතුල්ගල ජනතාව ඊයේ (28) කිතුල්ගල නගර මධ්‍යයේ විරෝධතා උද්ඝෝෂණයක් සහ සමන් දෙවියන් වෙත දේව කන්නලව්වක් සිදුකළා. දඬුගම් ඔයේ ආරම්භක ස්ථානය වන ඉහත කී රක්ෂිතයෙහි කබානා 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර දඬුගම් ඔය ආරම්භක ස්ථානයෙන්ම හරස් කර පිහිනුම් තටාකයක් ද ඉදිකෙරෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. 

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මෙම ඉඩම ඇතුළුව දෝතුළු කන්දේ ඉඩම් හෙක්ටයාර 517ක් වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට පවරා දී ඇතත් මෙකී ප්‍රශ්නගත ඉඩම් කොටස ගැසට් නොකරමින් සහ මේ ඉඩම මඟහැර මායිම් සලකුණු කරමින් වංචනික ක්‍රියාවක් සිදුව ඇති බවත් සඳහන්.


No comments:

Post a Comment

Post Bottom Ad