පොලිස් මූලස්ථානයට යැවූ ASP එරික් නැවත මීගමුවට එවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 28, 2021

පොලිස් මූලස්ථානයට යැවූ ASP එරික් නැවත මීගමුවට එවයි

ජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ බලපෑම මත වහාම ක්‍රියාත්මකවන පරිදි  පොලිස් මූලස්ථානයට මාරුකර යැවූ වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මීගමුවට නැවත මාරුකර එවා ඇතැයි වාර්තාවේ.

ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවන් 28 දෙනෙක් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, පාතාල අපරාධකාරයින් සහිත පිරිසකගේ ඉල්ලීම මත ප්‍රදේශයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ දේශපාලන බලය මත සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා පොලිස් මූලස්ථානයට මාරු කර එවා තිබුණේ  ඔහු විසින් වැටලීම් කිරීම සඳහා ස්ථාපනය කළ විශේෂ ඒකකය ද විසුරුවා හරිමිනි. එම ඒකකයේ රාජකාරි කළ සියලුම නිලධාරීන් හතර අතේ මාරු කර යවා තිබිණි.

මෙම ස්ථාන මාරුවට එරෙහිව ඊයේ දිනයේ ප්‍රදේශයේ පල්ලි හා පන්සල් මුල් කරගෙන ජනතාව පෙළ ගැස්වීමේ ව්‍යාපාරයක් සංවිධානය වෙමින් පවතින විට එරික් පෙරේරා පොලිස් මූලස්ථානයේ සිට යළි මීගමුවට මාරුකර එවා තිබේ. මේ අතර විසුරුවා හරිනු ලැබූ වෙන්නප්පුව විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයත් යළි ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad