සජිත් කිසිම දැක්මක් නැති වැඩබැරි ටාසන් කෙනෙක්…! යූඇන්පිය වනසල හුජ්ජ කොල්ලො ටිකක් එක්ක බයිල ගහනවා – තෙවරප්පෙරුම - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 7, 2021

සජිත් කිසිම දැක්මක් නැති වැඩබැරි ටාසන් කෙනෙක්…! යූඇන්පිය වනසල හුජ්ජ කොල්ලො ටිකක් එක්ක බයිල ගහනවා – තෙවරප්පෙරුම

ජිත් ප්‍රේමදාස යනු කිසිදු දැක්මක් නැති කිසිවෙකු ලියා දෙන දෙයක් කියවීමට පමණක් හැකි පුද්ගලයෙකු යැයි එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පවසයි.

“සාමාන්‍යෙයන් දේශපාලකයො මිනිසුන් රවටනවා කරන්න බැරි දේවල් කියලා. මේ ආණ්ඩුවත් රටේ ජනතාවට කප්පරක් පොරොන්දු දීලා ජනතාව රවටා නොමග යැව්වා. කිසිම දේශපාලකයෙක් මිනිසුන් රැවට්ටුවාට තිරිසන් සත්තු රවට්ටන්නෙ නැහැ. මේ ආණ්ඩුව ඒකත් කළා. හරක් මරන්නෙ නැහැ කියලා.

රනිල් වික්‍රමසිංහ අප පක්ෂයේ නායකතුමා බොරු කියන කරන නායකයෙක් නොවෙයි. ඔහුට සංදර්ශන වැඩ බැහැ. ඔහුට දර්ශනයක්, ප්‍රතිපත්තියක්, වැඩ පිළිවෙළක් තියෙනවා. ඔහුට ඒ නිසා හැමෝම බයයි. බය වැඩිකමටයි “රනිල්ට බැහැ” කියලා ලිව්වේ. කිව්වේ. එහෙම කියපු ප්‍රධානම පුද්ගලයා තමයි මංගල සමරවීර. අද ඔහු දේශපාලනයෙත් නැහැ.

සජිත් ප්‍රේමදාස කරන්නෙ නොමේරු වැඩ. ඔහු සමග සිටින කිසිවෙකුට රටක් හදන්න බැහැ. අපි ජාතිවාදියෝවත්, අගම්වාදියොවත් නොවෙයි. හැම දෙනාගෙම අයිතිය වෙනුවෙන් පෙනී සිටින අය. 1999 ජනාධිපතිවරණයෙ දී මම උදව් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට අපේ තාත්තා හොඳ සම සමාජ කාරයෙක්. අයියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභාවක සභාපති. මම යූ.එන්.පී. කාරයා. මම වාසි බලා ගෙන පැත්ත මාරු කරන අයෙක් නොවෙයි.

අපිට දැවැන්ත යාන වාහන නැහැ. දැනටමත් මම ඉන්නෙ කැලයක් කොටා ගෙන වගා කරමින් හරක් මඩුවක. ඒක මට සැපයි.

සජිත් ප්‍රේමදාසට දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැහැ. යම් කිසි දෙයක් කවුරු හරි දුන්නොත් ඒක කියනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ගෝලයෙක් වුණ අජිත් පෙරේරාගෙ බණ්ඩාරගම ආසනය එක්සත් ජාතික පක්ෂය පැරදුණේ වැඩි ඡන්ද හතළිස් පන්දාහකින්. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙ දී හම්බන්තොට දිස්ත්‍රික්කයත් පරාදයි. අන්තිමට එක්සත් ජාතික පක්ෂයත් පරාද කළ ඔහු හුජ්ජ කොල්ලො ටිකක් වට කර ගෙන ඉන්නවා.”

ඔහු එසේ පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයේ බෙන්තර-ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ බල මණ්ඩල රැස්වීමේ දී ය. එම රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් බෙන්තර-ඇල්පිටිය ප්‍රධාන සංවිධායක නිතීඥ නෙවිල් ඉගලවිතානගේ ඇල්පිටිය කාර්යාලයේ දී පැවැත් විණ.


No comments:

Post a Comment

Post Bottom Ad