අඛණ්ඩව විරෝධතා කරනවා.. අප කිසිවෙකුට බිය නෑ..- අගරදගුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 7, 2021

අඛණ්ඩව විරෝධතා කරනවා.. අප කිසිවෙකුට බිය නෑ..- අගරදගුරු

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුවන තෙක් විරෝධතා ක්‍රියාමාර්ග වල අඛණ්ඩව නිරත වණ බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරයි. එහිමියන් මේ බව සඳහන් කළේ අද පැවති කළු ඉරිදා සාමකාමී විරෝධතාවයට සමගාමීව කොච්චිකඩේ දේවස්ථානය පැවති සාමකාමී විරෝධතාවයට එක් වෙමිනි.

අදාල ප‍්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු අප්‍රේල් 21දාට පෙර ක්‍රියාත්මක නොවුණහොත් ඒ ගැන දැඩි අවධානය යොමුකරන බවත් ඒ හිමියෝ සඳහන් කළහ.

තමන් ඉල්ලා සිටින්නේ වරදකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බවත් පැවසූ අගරදගුරුතුමන් තමන් කිසිවෙක්ට බිය නැති බවද පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad