ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි…

රජයේ රෝහල් කිහිපයක් සතු ගිලන් රථ වල  ටයර් නොමැතිවීම නිසා මේ වන විට එම ගිලන් රථ ධාවනයෙන් ඉවත් කර ඇත. තවත් ගිලන් රථ වල  ටයර් ගෙවී ඇති නිසා ධාවනය කරන්නේ අනතුරුදායක ලෙසය.එම හේතුව නිසා ඊයේ දිනයේදී ගාල්ල ප්‍රදේශයේ රෝහලකින් රෝගියෙක් වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් එම රෝගියා මිය ගොස් ඇත.

තවද හදිසි අනතුරකට භාජනය වී කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ආපානශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා තමාට බිම වැතිර සිටීමට නොහැකි බව පවසා නිදා ගැනීමට ඇදක් ඉල්ලා සිටිම හේතුවෙන් අදාල වාට්ටුවේ වෛද්‍යවරයා විසින් අසේල සම්පත් මහතා රාජකාරියට බාධා කල බව පවසා රෝහල් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පොලීසිය විසින්  අසේල සම්පත් මහතාගෙන් කටඋත්තරයක් ලබාගෙන ඇත.

වෛරස් තත්වයක් රටතුළ ඇතිවී තිබෙන මෙම අවස්ථාවේ රෝහල් පද්ධතිය පිළිබද සොයා නොබලන බළධාරීන් විසින් මෙරට රෝගීන්ට සිදුකරනුයේ බලවත් අසාධාරණයකි.

ජනාධිපතිතුමනි වහාම අප රෝහල් පද්ධතිය පිළිබදව සොයා බලන ලෙස බලධාරීන්ට උපදෙස් දෙන්න.

රංජිත් විතානගේ  

සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

No comments:

Post a Comment

Post Bottom Ad