වරෙන්තු නිකුත් කරද්දී හිරුණිකා අධිකරණ භූමියේ දරුවාට කිරි දිදී ඉඳලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 10, 2021

වරෙන්තු නිකුත් කරද්දී හිරුණිකා අධිකරණ භූමියේ දරුවාට කිරි දිදී ඉඳලා

ධිකරණ කටයුත්තක් සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැමිණ නොසිටීම හේතුවෙන් අධිකරණය අද දින ඇයට නිකුත් කළ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණ භූමියේ සිය රථය තුළ දරුවාට කිරි දෙමින් සිට ඇති බව වාර්තා වේ.

මේ බව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව වරෙන්තුව නැවත කැදවීමට අධිකරණය කටයුතු කොට ඇත.

ඒ සම්බන්ධයෙන් හිරුණිකා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

අද දින මහාධිකරණයේ මා සම්බන්ධයෙන් නඩු නිමිත්තක් පැවති අතර ගරු විනිසුරුතුමන් නඩුව කැඳවන අවස්ථාවේදී මා අධිකරණ භූමියේ මාගේ රථය තුල මගේ මාස 1 1/2 ක කුඩා බිලිඳියට කිරි ලබා දෙමින් සිටිය අතර එම අවස්ථාවේ අධිකරණ තුල නොසිටි නිසා ගරු විනිසුරුතුමන් මා හට වරෙන්තු නිකුත් කර ඇත.

පසුව මාගේ නීතිඥතුමිය, නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය තුල නොසිටීමට හේතු පැහැදිලි කල පසු ගරු විනිසුරුතුමන් මා හට නිකුත් කල වරෙන්තුව අවලංගු කරන ලදී.

එහිදී ගරු විනිසුරුතුමන් ප්‍රකාශ කලේ මින් පෙර කෙදිනකවත් උසාවිය මග හැර නොමැති බැවිනුත් අද දින අධිකරණ තුල නොසිටි හේතුවද සැලකිල්ලට ගනිමින් වරෙන්තුව අවලංගු කරන බවය.

කෙසේ හෝ අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට, දරුවාට කිරිදීමට හා දරුවාගේ කටයුතු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බැවින් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවන්ට ලක්වෙනවා මා දැක ඇත.

ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගි වන කුඩා දරුවන් රැගෙන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසය.

ස්තූතියි


No comments:

Post a Comment

Post Bottom Ad