ඉන්දීය සීරම් සමාගම ලංකාවේ කොරෝනා එන්නත් ඇණවුම අවලංගු කරයි.. ආපසු මුදල් ගෙවන බව දැනුම් දේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 7, 2021

ඉන්දීය සීරම් සමාගම ලංකාවේ කොරෝනා එන්නත් ඇණවුම අවලංගු කරයි.. ආපසු මුදල් ගෙවන බව දැනුම් දේ…

ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත් ඇණවුම් කළ මාත‍්‍රා මිලියනය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වනු ඇතැයි එය නිෂ්පාදනය කරන ඉන්දියාවේ සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇත.

පසුගිය කාලයේදී තම ආයතනයේ ඇති වූ ගින්න නිසා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට නොහැකි වීමෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවද ඔහුන් පවසා ඇත.

ඒ අනුව එම ආයතනය රාජ්‍ය ඖෂධ සංගීතියට සංස්ථාව ඉල්ලා ඇත්තේ එම ඇණවුම අවලංගු කර ආපසු මුදල් ගෙවීමට එකඟතාවය පළ කරන ලෙසයි.

කෙසේ නමුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ එන්නත් ලබා දෙන කාල සීමාව නැවත සකස් කිරීමට සිදු වුවද එම එන්නත් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි විශ්වාස නොකරන බවයි.

මෙම එන්නත් තොගය ලැබීමට නියමිතව තිබුනේ අප්‍රේල් හෝ මාර්තු මාසයේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad