කාල්ටන් ළමා නිවාසයත් හොරු කඩයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

කාල්ටන් ළමා නිවාසයත් හොරු කඩයි

ග්‍රාමාත්‍ය ආර්‍යා ශීරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යනු ලබන මාළිගාවත්තේ පිහිටි කාල්ටන් ළමා නිවාසය දින කිහිපයකට පෙර රාත්‍රී කාලයේ ඉබි යතුරුකඩා කිසියම් අයකු ඇතුළු වී එහි රූපවාහිනී යන්ත්‍රයක් ඇතුළු ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇතැයි වාර්තා වේ.

මාළිගාවත්ත පොලීසිය සදහන් කරන්නේ සොරකමට සම්බන්ධ වී ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බවය.

එම පුද්ගලයා එම භාණ්ඩද සොරාගෙන ගමන්කර ඇත්තේ ප්‍රධාන මාර්ගය ඔස්සේ බව ආරක්ෂක කැමරා පරීක්ෂාවේදී හෙළිවී තිබේ.

මුව ආවරණ පැලද සිටි ඔහු හදුනා ගැනීමට මේ වනවිට මාළිගාවත්ත පොලීසිය මෙන්ම පොලිස් බුද්ධි අංශ කටයුතු කරමින් සිටී.

මෙම සොරකම සිදුවන විට එහි මුරකරු නිවාඩු ලැබ සිට ඇති බවද පොලීසිය සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad