ඉස්ලාම් අන්තවාදීන් සමඟ අනාගතයේදී දීග කන්න සැරසෙන පිරිසක් ආණ්ඩුවේ.. පාස්කු මහ මොලකරුවන් සගවන්නේ ඔවුන් – විමල් හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

ඉස්ලාම් අන්තවාදීන් සමඟ අනාගතයේදී දීග කන්න සැරසෙන පිරිසක් ආණ්ඩුවේ.. පාස්කු මහ මොලකරුවන් සගවන්නේ ඔවුන් – විමල් හෙලි කරයි

ස්ලාම් අන්තවාදීන් සමඟ අනාගතයේදී දීග කෑමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් වත්මන් ආණ්ඩුවේ සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එම දේශපාලන තක්කඩීන් පිරිස පාස්කු කොමිසම මගින් රිෂාඩ් බදියුදීන්ලාගේ සැබෑ ස්වරූපය සමාජය හමුවේ අනාවරණය වීම වළක්වා තිබෙන බවද ඒ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දී පැවැති ‘ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබ්බට’ යන මැයෙන් පැවති දේශනයේදීය.

පාස්කු ප්‍රහාරය පසුපස සිටින ඇත්ත අවතාර, මහ මොළකරුවන් ගැන පාස්කු කොමිෂන් වාර්තාවෙන් සඳහන් කර නොමැති බවද ඔහු කියා සිටියේය.

රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, හිස්බුල්ලා, අසාත් සාලි වැනි දේශපාලඥයන් එම ප්‍රහාරය පසුපස සිටින බවත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක යුතු බවත් ඔහු සඳහන් කළේය.

කොමිසන් වාර්තාව අනුව ප්‍රහාරයට වගකිව යුතු ලෙස ඥානසාර හිමියන් නම් කර ඇති බවද කී ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට වේවැලකින් දෙකක් තලන්නවත් නිර්දේශ කර නැතැයිද පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad