සීගිරි ඉඩම් කොල්ලය..: බලපත‍්‍ර අහෝසි කර පලක් නෑ.. නඩු දමන්නැයි ආණ්ඩුකාර නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 10, 2021

සීගිරි ඉඩම් කොල්ලය..: බලපත‍්‍ර අහෝසි කර පලක් නෑ.. නඩු දමන්නැයි ආණ්ඩුකාර නියෝග

ඹුල්ල සීගිරිය මයිලත්තාව ප්‍රදේශයේ ඇති ඉඩම් කූට ලේඛන සකසා පිටස්තර අයට පවරාදීමේ සිද්ධිය සම්බන්ධව මාතලේ පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ඊයේ (9වැනිදා) මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාට සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරයා ගෙන්වා අදාළ ලිපි ගොනු පරීක්ෂා කර ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසට දැනුම් දුන් බවත්, ඉඩම් පවරාදීමේ බලපත්‍ර අවලංගු කිරීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසෙඳෙන බවත් ඔහු කීය.

මෙම ඉඩම් පවරාදීම්වලදී කූට ලේඛන සකස් කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත්, ඒවා කූට ලේඛනද නැද්ද යන්න දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට තීරණය කළ නොහැකි බැවින් එය අදාළ අංශ වෙත යොමු කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා කීය.

රජයේ දේපොළ සඳහා කූට ලේඛන සැකසීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද රජයේ ඉඩම් බලතල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා ඇති බැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවද හෙතෙම කීය.

අධිකරණය හමුවේ සාක්ෂි සහිත කරුණු දැක්වීම සඳහා මෙම සිද්ධියට අදාළ විමර්ශනය පොලිසිය මගින් සිදුකළ යුතු බැවින් ඒ සම්බන්ධව පොලිසිය මගින් පරීක්ෂණයක් කළ යුතු බවද ආණ්ඩුකාරවරයා කියයි.

මෙම සිද්ධියට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර සංගක්කාරගේ බිරිඳ සම්බන්ධ බවට චෝදනා එල්ලවේ.

– aruna


No comments:

Post a Comment

Post Bottom Ad