මම එලොව ගිහින් මෙලොව ආවෙ..ජීවිතේ අනිත්‍ය වැටහුණා - පවිත්‍රාට මරණ මංචකයේදී දැනුණ හැඟීම් [Video] | Pavithra Wanniarachchi - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

මම එලොව ගිහින් මෙලොව ආවෙ..ජීවිතේ අනිත්‍ය වැටහුණා - පවිත්‍රාට මරණ මංචකයේදී දැනුණ හැඟීම් [Video] | Pavithra Wanniarachchi

කසාද බැඳපු නැතී දූලට මොකද වෙන්නෙ කියලයි හිතුවේ

තමාගේ ජීවිතය අනූනවයෙන් බේරුන බවත්,අයි.ඩී.එච් රෝහලේ සිටියදී ජීවිතය පිළිබඳව සියලු බලාපොරොත්තු සුන් වූ බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව තම ජීවිතය රැකගැනීමට අධික වෙහෙසක් හා කැපවීමක් සිදුකළ සියලු දෙනාට පිං දෙන බවද අමාත්‍යවරිය පවසනවා.ඇය මේ බව පවසා සිටියේ ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනට සහභාගී වෙමින්.

ඒ මෙසේය. “මම මරණ මංචකයෙ හිටියෙ. දරුවන් නිසා තිබෙන බැඳීම විතරයි මට ජීවිතේ දාල නොයන්න හේතුවුනේ.මගේ ලේ වලට විෂබීජයක් ගියා මොන කරුමයක් නිසා හරි. සීආර්පී අගය 5 තියෙන්න ඕන එක තුන් හාර සීයකට ගියා. මං වෙන්ටලේටර් එකකට දාල තිබ්බෙ. ඒකෙ සීය තියෙන්න ඕන එක හැත්තෑ ගණන් වලට බහිනවා. මට කථා කරගන්න බැරිවුණා. මට දාල යන්න වෙලාව ඇවිත් තිබුනෙ. මාව මැෂින් එකට දාන්න හැදුවෙ.
මං ඇහුවා සම්පූර්ණයෙන් මැෂින් එකට දැම්මොත් මොකද වෙන්නෙ කියල. සමහරු ගොඩ ගියා කිව්වා.මැරෙනවට වැඩිය හොඳයි මැෂින් එකට දැම්මා නං කියල හිතුණා. අයිඩීඑච් එකේ මිහිපිට දෙවිවරු තමා මාව බේරගත්තෙ. විශේෂයෙන් ආනන්ද, දමයන්ති වෛද්‍යවරු ඒ ආකාරයට ක්‍රියා නොකළා නං මගේ මළගෙදර තමා ඕගොල්ලන්ට එන්න වෙන්නෙ.
මට ඉන්නෙ ගෑනු ළමයි දෙන්නෙක්. ඒ දෙන්නා කසාද බැඳල නෑ. ඔවුන් දාල යන්න බැරි වෙන එක විතරයි මට තිබුනෙ.
කේඩීයූ එකේ ඉඳලා අයිඩීඑච් එන කොට මට පැවතෙන්න තියන අවම දේ හෑන්ඩ් බෑග් එක දාගෙන දැඩි සත්කාර ඒකකයට ආවේ. මට හැමදේම දාල යන්න සූදානමින් ආවෙ.
කාටවත් හිත රිදවන්න හොඳ නෑ කියල හිතුණා. ජීවිතේ ගැන නැවත හිතුවා.මේ ලෙඩේට බෙහෙතක් නෑනෙ. අමාරු වෙච්ච අය ඔක්කොම ගියා. මට ආත්ම ශක්තිය ගන්න කියල තමා කිව්වෙ. මේ වගේ වෙලාවක ඒක වැදගත්.
මානසිකව මං වැටුනෙ නෑ. නමුත් විජමු ඇමතිතුමා කිව්වෙ මට යන්න ඕනෑ කියලමයි.මට ඒක ඇහිල තිබුනා. ඒක හරි නෑ.

මට යන්න වෙන බව දැනුනම මං හොඳ තැනකට යාවි කියල හිතුණා. මට ඉන්න බැරිවෙයි කියල හිතුණා. දරුවො ගැන හිතුණා. කසාද බඳිනකොට කොහොම කෙනෙක් ලැබේවිද වැනි දේ හිතුණා. මාව සියලු දෙනා දාල ගියා. කියල හිතුණා. මං මැෂින් එකට දානවට කැමති නැතිවුණාම මෙහෙම වෙලාවක මොකද කරන්න පුළුවන් විකල්ප අහන්න එංගලන්තෙට කතා කරලා ඩොක්ටර් ආනන්ද උපදෙස් ගත්තා.

මං භාවනා කළා.... මං හිතින් කිව්වා
‘රාග ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා..
මෝහ ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා.
ද්වේශ ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා‘

ඕක හිත හිත මං සෑහෙන වේලාවක් ගත කළා. දවස් එකහමාරක් විතර යනකොට වෙනස් වුණා. මගේ දත්ත හොඳ වුණා.“

No comments:

Post a Comment

Post Bottom Ad