අනිල් ජාසිංහ තණකොළ කපන්න..අමල් හර්ෂ පුන්නක්කු දියකරන්න දාල..රටට කවදාවත් මෙහෙම වෙලා නෑ..රට ඉවරයි - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

අනිල් ජාසිංහ තණකොළ කපන්න..අමල් හර්ෂ පුන්නක්කු දියකරන්න දාල..රටට කවදාවත් මෙහෙම වෙලා නෑ..රට ඉවරයි - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි - (video)

මේ වනවිට වැඩක් කරන්න බැරි පිරිස් ලංකරගනිමින් වැඩක් කළ හැකි පිරිස් වලට අදාළ කාර්යන් ලබානොදෙමින් රටේ වැඩකටයුතු සිදුවන නිසා මේ රට දවසින් දවස අගාධයට යමින් පවතින බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

අද ජනතාවට ඇහුම්කන් නොදෙන බවත් කිසිම වැඩකට නැති මිනිසුන්ට ඇහුම්කම් දෙමින් යන ගමන අවාසනාවන්ත බවත් මිනිසුන් බොහෝ විට ආණ්ඩුවට චෝදනා කරමින් සිටින බවත් උන්වහන්සේ පවසනවා.

පෙර නොවූ විරු ලෙස රට පිරිහී ඇති බවත් මෙය දේව සාපයක්ද,දේව කෝපයක්ද යන්න සොයාබලමින් සිටින බවත් සෙත් කවි,බෝධී පූජා තියන්නට බලාපොරොත්තු වන බවත් උන් වහන්සේ කියා සිටී.

කිසා ගෝතමී නොමල ගෙයකින් අඹ මිටක් සෙව්වා සේ ආණ්ඩුව කෙරෙහි කළ නොකිරුණු පුද්ගලයෙක් සොයා ගැනීමට පවා අපහසු බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පවසා සිටිනවා.

එම වීඩියෝව පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad