ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 28, 2021

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ !

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් අනුෂ්ක ගුරුසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුම් ඒ ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.

‘ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් අද දින මා ඉල්ලා අස්විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් දේශීය ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් එම භාරධූර වගකීම මාවෙත පැවරීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමාට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.

එමෙන්ම පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ කටයුතු සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පිරිණමමි’

No comments:

Post a Comment

Post Bottom Ad