මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක තහනම අවසන් වෙන්න පෙර යලි පිටියට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 25, 2021

මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක තහනම අවසන් වෙන්න පෙර යලි පිටියට..

දැනට දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දනුශ්ක ගුණතිලක නියමිත දඬුවම් කාලය ඉක්ම යාමට පෙර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන බවට ඉඟි පළ වෙමින් ඇත.

ඒ අනුව කුසල් මෙන්ඩිස් තමන් වෙත ක්‍රීඩා කළ CCC කණ්ඩායම හැරදා SSC පිළට එක් වී තිබේ.

ඔවුන් තිදෙනා සම්බන්ධයෙන් කටයුතු කරන මානසික වෛද්‍ය උපදේශකවරුන් ගෙන් ලැබෙන ධනාත්මක වාර්තා අනුව ඔවුන්ගේ තහනම ඉක්මනින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සලකා බලමින් ඇතැයි වාර්තාවෙයි.

නියමිත දඬුවම් කාලය ඉක්මවීමට දින කිහිපයකට කලින් හෝ දේශීය තරග තහනම ඉවත් කරනු වනු ඇති බවද ඒ අනුව නිල නොවන වාර්තා කියා සිටී.

දේශීය තරඟ සඳහා මෙම ලිහිල ලැබෙනු ඇති බව වාර්තා වුවද ඔවුන්ට පනවා ඇති වසරක ජාත්‍යන්තර තරග තහනම සහ වසර දෙකකට අත්හිටුවන ලද ජාත්‍යන්තර තරග තහනම එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇතැයි ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් සිය දඬුවම සම්බන්දයෙන් යලි සලකා බලන ලෙස ඔවුන් විසින් කර ඇති අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad