ගෙවන්න ඩොලර් නෑ කියා වරයේ ගුදම්වල කිරිපිටි තොග ආපසු යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

ගෙවන්න ඩොලර් නෑ කියා වරයේ ගුදම්වල කිරිපිටි තොග ආපසු යවයි


මාස කිහිපයක් තිස්සේ වරායේ ගුදම් වල ගබඩා කර තිබෙන ආනයනික කිරිපිටි නිදහස් කරගැනීමට ඩොලර් නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඒවා ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බව එම ආනයනකරුවන් කියා සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ වරාය තුළ රඳවා තබා ගන්නා කාලය සදහාද විශාල වශයෙන් ගුදම් ගාස්තු ගෙවීමට සිදුව ඇති බවයි.

එමෙන්ම ඒවා කල් ඉකුත් වීම වීමට ඉඩකඩ ඇති නිසා ඒවා වෙනත් රටකට ප්‍රති අපනයනය කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ඒවායේ නිෂ්පාදන සමාගම් වෙතින් ඉල්ලා සිටි බවද ඔවුන් සඳහන් කළහ.

ඩොලර් ගිවීම ප‍්‍රමාද වීම මත වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 50 මහ බැංකුව විසින් මුදාහැරීමට කටයුතු කලද තවදුරටත් එම ඩොලර් නිදහස් කර ගැනීම අසීරු තත්ත්වයකට පත්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad