ඉන්දියාවට ආ යොහානිව පිළිගන්න ලක්ෂ හතරහමාරක සෙනගක් දිල්ලි ගුවන් ‌තොටුපොළට ඇවිත්... ඩොලර් ලක්ෂ 5ක තෑගි මල්ලකුත් ලැබෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

ඉන්දියාවට ආ යොහානිව පිළිගන්න ලක්ෂ හතරහමාරක සෙනගක් දිල්ලි ගුවන් ‌තොටුපොළට ඇවිත්... ඩොලර් ලක්ෂ 5ක තෑගි මල්ලකුත් ලැබෙයි!

ගීත ප්‍රසංගයකට සහභාගී වීම සදහා ඉන්දියාවට පැමිණි යොවුන් පරපුරේ ගායිකා යොහානි ද සිල්වා පිළිගැනීම සදහා ලක්ෂ හතරහමාරකට අධික ජනතාවක් නවදිල්ලි ගුවන් තොටුපොළට පැමිණ තිබේ. එහිදී ඉන්දීය ජනතාවගෙන් විශාල ප්‍රතිචාර යොහානිට ලැබුුුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.

මෙහිදී රැස්වූ පිරිසගෙන් ලක්ෂ 5ක තෑගි මුදලක්ද යොහානිට ලැබී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබේ.

මැණිකේ මගේ හිතේ ප්‍රතිනිර්මාණ ගිතය නිසා ලොව පුරා මිලියන 130 කට අධික ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොවුන් ගායිකා යොහානි සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ.

 ඇයගේ පළමු ප්‍රසංගය ගුරුග්‍රෑම් ස්ටූඩියෝ එක්ස ඔ හි ඊයේ (3) පස්වරු 06 ට පැවති අතර මෙරට යොවුන් පරපුරේ සංගීත කණ්ඩායමක් වන ” ලුනු මියුසික් ” සංගීත කණ්ඩයම සංගීතය ලබා දෙමින් යොහානිට වේදිකාවේදී සහාය දැක්වීය.

ඇයගේ ප්‍රථම ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට ගුවන් විදුලි නාලිකාවක් වන රෙඩ් එෆ්.එම් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සදහාද ඇය සහභාගී වූයේ සියලුම ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කරමිනි.

ඔක්තෝබර් 03 වැනිදා පස්වරු 06 ට යොහානි හයිද්‍රාබාද් නගරයේදී ද තවත් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad